Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

09th August 2018 12:05:55 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් හදිසි ගිනිගැනිමක් මැඩපැවැත්වීම

ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන 121 බළසේනා මුලස්ථාන බළප්‍රදේශයේ හදිසි ගිනිගැනීමක් 2018.08.08 වන දින ඇතිවු අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් එම ගිනිගැනීම මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි.

මෙම හදිසි ගිනිගැනීම මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ආනපල්ලම සපුගොඩ කන්ද ප්‍රදේශයේ ඇති වූ අතර, එම ආවස්ථාවේ ක්ෂණිකව ක්‍රියාත්මක වු 9 ශ්‍රිලංසිරෙ අණදෙන නිලධාරිගේ පූර්ණ අධීක්ෂණය යටතේ එම ඒකකයේ රාජකාරි නියුතු 01 x 25 ක භඨපිරිසක් එම ස්ථානය වෙත රපෝර්තු කර දැඩි පරිශ්‍රමයක් යොදා එම ගිනිගැනීම සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.