Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

29th July 2018 18:48:21 Hours

ලාන්ස් කෝප්‍රල් රංබන්ඩා (මියගිය) යන අයගේ නිවසට පිවිසෙන මාර්ගයේ විදුලි රැහැන් කණුව ඉවත් කිරිම

මෙම ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන 112 වන බළසේනා මුලස්ථාන බළප්‍රදේශයට අයත් හාලිඇල වක්කුඹුර ග්‍රාමයේ පදිංචි මියගිය ලාන්ස් කෝප්‍රල් රංබන්ඩාගේ මව විසින් යුද්ධ හමුදාධිපති තුමාගෙන් තම නිවසට පැමිණෙන මාර්ගයේ සිටුවා ඇති විදුලි රැහැන් කණුව ඉවත් කර දෙන ලෙස කරන ලද ඉල්ලීමකට අනුව යුද්ධ හමුදාධිපති තුමන්ගේ උපදෙස් පරිදි මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධික්ෂණය යටතේ 2018.07.26 වන දින එම විදුලි රැහැන් කණුව ගලවා ඉවත් කරන ලදි.

තවඳ, මෙම මාර්ගය මැද සිටුවා තිබු විදුලි රැහැන් කණුව ඉවත් කිරිම සදහා 112 බළසේනා මුලස්ථානයේ රාජකාරි නියුතු සෙනින්ගේ හා හාලිඇල විදුලිබල මණ්ඩලයේ සහයෝගය ඇතිව තත් විදුලි කණුව ඉවත් කිරිමට කටයුතු කරන ලදි.