Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

13th July 2018 14:48:53 Hours

කතරගම ඇසල පෙරහැර සඳහා පාද යාත්‍රාව මගින් පැමිණෙන බැතිමතුන්ගේ ගමන් පහසුව උදෙසා යුද්ධ හමුදාව වෙතින් නව පාලමක් ඉදිකර දීම

ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මග පෙන්වීම මත බළප්‍රදේශයේ පිහිටා ඇති යාල අභය භූමීයෙන් කතරගම ඇසළ මහා පෙරහැර මංගල්‍යයට පැමිණෙන බැතිමතුන් හට බාධක සහිත ස්ථානයක් හරහා පහසුවෙන් ගමන් කිරිම උදෙසා 12 වන සේනාංක සේනංකාධිපති මේජර් ජෙනරල් එන් ඩි වන්නිආරච්චි ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීසී අයිජී යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ යුද්ධ හමුදා ශ්‍රම දායකත්වයෙන් නව පාළමක් ඉදිකර දෙන ලදී.

මෙම පාලම ඉදිකිරිම් කටයුතු සඳහා 122 බළසේනා මුලස්ථානයේ රාජකාරි නියුතු සෙබළුන්ගේ සහාය ඇතිව 6 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තු බලකාය විසින් මෙම පාලම ඉදිකරන ලද අතර, තත් ඉදිකිරිම් කටයුත්ත අවසන් වීමෙන් පසු නව පාළම මතින් අපහසුවකින් තොරව වන්දනාකරුවන් විශාල ප්‍රමාණයක් ගමන් කරන ලදී.