Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

05th July 2018 19:39:23 Hours

11 සේමු සේනාංකාධිපති හට සම්මාන මුරයක් හා සම්මාන පෙළපාලියක් පිරිනැමිම

මෙම අරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ටි ජේ නානායක්කාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩියු යන ජ්‍යේෂඨ නිලධාරි මේජර් ජෙනරල් නිළයට උසස්විමෙන් පසු ඒ වෙනුවෙන් 2018.07.04 වන දින එම කදවුරු පරිශ්‍රයේ උත්සව මාලාවක් සංවිධානය කර පවත් වන ලදි.

ඒ අනුව සම්ප්‍රධානුකුල සේනාංක මුලස්ථානයේදි 5 (සෙවි) ශ්‍රිලපාහ භඨපිරිස් විසින් සම්මාන මුරයක් හා සම්මාන පෙළපාලියක් පිරිනැමිමෙන් පසු සේනාංකාධිපති තුමන්ව හරසරින් පිළිගන්නා ලද අතර, ඉන් අනතුරුව සියලු නිලයින්ගේ සහභාගිත්වයෙන් තේ පැන් සංග්‍රහයක් සදහා සහාභාගි වන ලදි. එදින 1230 පැයට 5(සෙව්) ශ්‍රිලපාහ එකකයේදි දිවා භෝජන සංග්‍රහයක් සුදානම් කර තිබු අතර, ඒ සදහා සේනාංකාධිපති ඇතුළු 11 වන සේනාංකයේ රාජකාරි නියුතු සියළුම ජ්‍යේෂඨ නිලධාරි/නිලධාරින්ගේ සහභාගි විමෙන් පසු තත් වැඩසටහන් මාලාව නිමාවට පත්වන ලදි.