Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

06th June 2018 14:44:55 Hours

හල්දුම්මුල්ල ප්‍රාදේශිය සභාව හා හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේඛම් කාර්යලය මගින් සංවිධානය කරන ලද අපද්‍රව්‍ය ඉවත් කිරිමේ හා දැනුවත් කිරිමේ වැඩසටහනක පැවැත්වීම

ජනාධිපති ලේඛම් කාර්යාලය විසින් නිකුත් කරන ලද චක්‍රලේකයට අනුව ජගත් පරිසර දිනයට හා ජාතික රුක්රෝපණ සතියට සමගාමීව 2018 මැයි මස 30 වන දින සිට 2018 ජුනි මස 05 වන දින දක්වා පැවැත්වෙන වැඩසටහන් මාලවේ තවත් එක් අංගයක් වශයෙන් ආරක්ෂක සේනා (මධ්‍යම) බළප්‍රදේශයේ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව හපුතලේ අඩවි වන කාර්යාලය, හල්දුම්මුල්ල ප්‍රාදේශිය සභාව හා හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේඛම් කාර්යලය මගින් සංවිධානය කරන ලද අපද්‍රව්‍ය ඉවත් කිරිමේ හා දැනුවත් කිරිමේ වැඩසටහනක් හල්දුම්මුල්ල නගරය කේන්ද්‍ර කරගනිමින් 2018.06.05 වන දින උදෑසන 0900 පැයේ සිට 1130 පැය දක්වා ක්‍රියාත්මක කරන ලදි.

ඒ අනුව තත් වැඩසටහන සාර්ථක කර ගැනිම වස් මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ පුර්ණ උපදෙස් හා මග පෙන්විම යටතේ නිලධාරි/සෙසු නිලයින් 01 x 25 ක භඨ පිරිසකගේ සහභාගීත්වයක් ලබා දෙන ලද අතර, මෙදින පාසල් ළමුන් විසින් පරිසර පා ගමනක් හා විදි නාට්‍ය සංදර්ශනයක් මගින් ප්‍රජාව දැනුවත් කිරිමක් හා මාර්ගය දෙපස දමා ඇති පොලිතින් හා නොදිරන කැලි කසල ඉවත් කිරිම සිදු කරන ලදි.