Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

02nd June 2018 14:04:40 Hours

ජගත් පරිසරය දිනයට හා ජාතික පරිසර සතියට සමගාමීව ආරක්ෂක සේනා (මධ්‍යම) දියතලාව ප්‍රදේශයේ පිරිසිදු කිරිමේ ශ්‍රමදානයක් පැවැත්වීම

ජගත් පරිසරය දිනයට හා ජාතික පරිසර සතියට සමගාමීව ආරක්ෂක සේනා (මධ්‍යම)ස්ථානගත දියතලාව නගරය හා අවට ප්‍රදේශය පිරිසිදු කිරිමේ ශ්‍රමදානය මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්විම යටතේ 2018.06.02 වන සිදුකරන ලදි.

ඒ අනුව දියතලාව නගරය සිට හපුතලේ ‍Y හන්දිය දක්වා මාර්ගය හා දියතලාව නගරය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රදේශයේ ජල මුලාශ හා ජල පෝෂක ප්‍රදේශ පිරිසිදු කිරීම මෙම ආරක්ෂක සේනා (මධ්‍යම) සහ ඒ යටතේ ස්ථාන ගත ඒකකයන් හා මෙම ප්‍රදේශයේ ස්ථානගත පුහුණු පාසල් හි රාජකාරි කරනු ලබන නිළධාරි/සෙසුනිළයින් 15 x 225 කගේ සහභාගිත්වයෙන් එම කර්තව්යී ඉතා සර්ථකව සිදුකරන ලදි.