Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

01st June 2018 23:51:57 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් හදිසි ගිනිගැනිමක් මැඩපැවැත්වීම

අරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන 11 වන සේනා මුලස්ථාන බල ප්‍රදේශයේ හදිසි ගිනිගැනීමක් 2018.06.01 වන දින ඇතිවු අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් එම ගිනිගැනීම මැඩපැවැත්වීම සිදුකරන ලදි.

ඒ අනුව එම හදිසි ගිනිගැනීම බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රදේශිය ලේකමි කොට්ඨාශයේ දියලුම ප්‍රදේශයේ ඇති වූ අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ ක්ෂණිකව ක්‍රියාත්මක වු 5 වන ගැමුණු හේවා බළකායේ රාජකාරි නියුතු 01 x 25 ක භඨපිරිස් එම ස්ථානයන් වෙත රපෝර්තු කර ගිනිගැනීම් සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.