Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

03rd May 2018 12:14:41 Hours

11 හා 12 සේනාංක වෙසක් උත්සවය සමරයි

ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 වන සේනාංක හා 12 වන සේනාංක මුලස්ථාන වෙතින් ශ්‍රි සම්බුද්ධ තෙමඟුල සිහිකරමින් මෙවරත් ඉතා අලංකාර වත් වෙසක් කුඩු ප්‍රදර්ශණයක්, භක්තිගීත ප්‍රසංගයක් හා දන්සල් 2018 අප්‍රේල් මස 29 හා 30 යන දිනයන් හිදි එම සේනාංක මුලස්ථානයන්හිදි ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදි.

මෙහිදි 11 වන සේනාංක මුලස්ථානය වෙතින් හා යටතේ පාලනය වන බළසේනා මුලස්ථාන හා ඒකකයන් වෙතින් දර්ශණිය පහන් කුඩු රැසක් ප්‍රදර්ශණය කරන ලද අතර, මෙයට සමගාමීව 2018 අප්‍රේල් මස 29 හා 30 යන දෙදින තුල 11 වන සේනාංකය වෙතින් අයිස්ක්‍රිම් හා කඩල දන්සලක්ද , 5 (සෙව්) ශ්‍රි ලංකා පාබල ඒකකය වෙතින් කොත්තමල්ලි දන්සලක්ද පවත්වන ලදි.

තවද 12 වන සේනාංකය වෙතින්ද වෙසක් කුඩු ප්‍රදර්ශණයක්, බොදු බැති ගී ප්‍රසංගයක් හා දන්සලක් පවතවන ලද අතර, මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පැමිණි ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් යුඑස්පි එන්ඩිසි පිඑස්සි අයිජි යන ‍ ඡ්‍යෙෂ්ඨ නිලධාරි විසින් පහන් කුඩු ප්‍රදර්ශණය විවෘත කරන ලද අතර, එම වෙසක් කුඩු නැරඹීම සඳහා ප්‍රදේශයේ සිවිල් ජනතාව විශාල පිරිසක් පැමිණෙන ලදි.