Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

09th April 2018 13:08:21 Hours

11 වන සේනංකයේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් පවත්වනු ලැබූ වාර්ෂික බක් මහ උළෙල

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් වාර්ෂිකව පවත්වනු ලබන බක්මාහ උලේල මෙවරත් 11 වන සේනංකාධිපති මේජර් ජෙනරාල් ඒ ඩබ්ලිව් එම් ඒ ඩබ්ලිව් රණවන ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 1 ශ්‍රි ලංකා රයිෆල් බළකා ඒකක ක්‍රිඩාංගනයේදි 2018.04.06 වන දිනය පුරා පවත්වන ලදි.

ඒ අනුව සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය 11 සේනාංකාධීපතිගේ සහභාගිත්වයෙන් පැවති අතර, එහිදි සිංහල ගැමි ක්‍රිඩාවලට ප්‍රමුඛත්වයක් ලබා දෙමින් මෙම බක්මහ උළෙලට ඒම සේනාංකයේ රාජකාරි නියුතු නිළධාරි/සෙසුනිළයින්ගේ ඉතා සාර්ථකව පවත්වන ලදි.