Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

01st April 2018 21:15:48 Hours

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතිවු කලහකාරි තත්වය හේතුවෙන් විනාශ වු ගොඩනැගිලිවල සුන්බුන් ඉවත් කිරිම

ආරක්ෂක සේනා මුලස්ථාන (මධ්‍යම) බලප්‍රදේශයට අයත් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පසුගිය දිනයන්හි ඇතිවු කලහාකාරි තත්වය හේතුවෙන් විනාශ වු ගොඩනැගිලිවල සුන්බුන් ඉවත් කිරිමේ වැඩසටහනක් යුද්ධ හමුදාධිපති තුමාගේ උපදෙස් මත 11 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ ඩබ්ලිව් එම් ඒ ඩබ්ලිව් එන් රණවන ආර්ඩබ්ල්විපි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි යන ජ්‍යේෂ්ඨ නිලධාරින්ගේ මගපෙන්වීම යටතේ 2018.03.30 වන දින සිදු කරන ලදි.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට - කුරුණැගල මාර්ගයේ 4 කණුව (වතුවල) ප්‍රදේශයේ අලාභහනි සිදුවු නිවාස 03ක හා කඩසාප්පු 08 ක සුන්බුන් ඉවත්කර යථාතත්වයට පත් කිරීමේ වැඩසටහනක් සඳහා 11 වන සේනාංකය යටතේ රාජකාරි නියුතු 1 ශ්‍රිලංරබ ඒකකයේ 01 x 25 කින් යුත් භඨපිරිසක් සභාගිවු අතර ඒ සඳහා හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේඛම් කාර්යලයේ හා හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ රාජ්‍ය සේවකයින් පිරිසක් හා එම ප්‍රදේශයේ සිවිල් ජනතාවගේ සභාගිත්වයෙන් ඉතා සර්ථකව සිදු කරන ලදි.