Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

30th March 2018 17:23:44 Hours

අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් අතරමන්වුවන් මුදවා ගැනිම සදහා යුද්ධ හමුදා භටපිරිස් සහයෝගය ලබා දිම

කොළඹ විශ්ව විද්‍යාලයේ නිති අංශයේ 17 දෙනෙකුගෙන් යුත් සිසුන් පිරිසක් (පිරිමි ළමුන් 09 දෙනෙකු හා ගැහැනු ළමුන් 08 දෙනෙකු) හන්තාන ප්‍රදේශය නැරඹීම සඳහා 2018.03.29 දින පැමිණ අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් ආපසු පැමිණිමට මාර්ගය සොයා ගැනීමට නොහැකිව අනතුරු දායක තත්වයකට පත්වන ලදි. ඒ බැව් මහනුවර දිස්ත්‍රික් ලේඛම් එචි එම් පි හිටිසේකර මහතා විසින් දැන ගැනීමෙන් අනතුරුව ඔවුන්ව මුදවා ගැනිමට ඇවැසි හමුදා සහය 11 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ ඩබ්ලිව් එම් ඒ ඩබ්ලිව් එන් රණවන ආර්ඩබ්ලිවිපි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යේෂ්ඨ නිලධාරි වෙතින් අපේක්ෂා කරන ලදි.

ඒ අනුව මෙම අාරක්ෂක සේනා (මධ්‍යම) වෙත දැනුම් දිමෙන් අනතුරුව මෙම මුල ආඥාපති මේජර් ජේනරාල් ජි ආර් එච් ඩයස් යුඑස්පි එන්ඩිසි පිඑස්සි අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත ක්ෂණිකව ක්‍රියාත්මක වු 11 සේනාංකය වෙතින් 2 (සෙව්) ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ රාජකාරි නියුතු 02 x 16කින් යුත් භඨපිරිසක් අදාල මුදවා ගැනීමේ ක්‍රියාන්විතය සඳහා පිටත් කරන ලදි. එම ප්‍රදේශයේ පැවති අධික මීදුමද නොතකා සෙවීමේ කටයුතු එදින 2000 පැයට ආරම්භ කල අතර, 2115 පැය වන විට සෙවීමේ කණ්ඩායම් වෙත අදාල පිරිස සොයාගැනිමට හැකි විය. මුදවා ගැනිමේ භටපිරිස් විසින් කිසිදු ආපදවකින් තොරව එම පිරිස මහනුවර පොලීසිය වෙත 2018.03.29 වන දින 2345 පැයට පමණ ගෙනවිත් භාරදෙන ලදි.