Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

30th March 2018 16:49:34 Hours

හදිසි ගින්නක් මැඩපවත්වයි

අරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 වන සේනා මුලස්ථාන බල ප්‍රදේශයෙහි හදිසි ගිනිගැනීමක් 2018.03.27 වන දින ඇතිවු අතර, එම ගිනිගැනීම යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් මැඩපැවැත්වීම සිදුකරන ලදි.

මෙම හදිසි ගිනිගැනීම මහනුවර දිස්ත්‍රික්කයේ ගඟවට කෝරලේ ප්‍රාදේශිය ලේකමි කොට්ඨාශයේ හන්තාන ප්‍රදේශයේ ඇති වූ අතර, එම ගිනිගැනීම සැලවීමත් සමග ක්ෂණිකව ක්‍රියාත්මකවූ 2 (සෙව්) ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ රාජකාරි නියුතු 01 x 20 ක භඨපිරිස් එම ස්ථානය වෙත රපෝර්තු කර ගිනිගැනීම සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.