Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

22nd March 2018 11:08:40 Hours

ආසේමු(මධ්‍යම) වෙතින් සෙසුනිළයන් වෙනුවෙන් පැවැත්වු තවත් සාර්ථක ඉංග්‍රිසි පාඨමාලාවක් අවසන් කරයි

ආරක්ෂක සේනා මුලස්ථනයේ ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් යුඑස්පි එන්ඩිසි පිඑස්සි අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ මගපෙන්විම මත මෙම මුල බළ ප්‍රදේශයේ රාජකාරි නියුතු සෙසු නිලයින්ගේ ඉංග්‍රිසි දැනුම වර්ධනය කිරිම සඳහා පවත්වන ලද ඉංග්‍රිසි පාඨමාලාව ඉතා සාර්ථකව 2018.03.20 වන දින නිමාවට පත්වන ලදි.

තත් පාඨමාලාව 2018.02.05 වන දින ආරම්භ කන ලද අතර එය සඳහා ආරක්ෂක සේනා මුලස්ථනය යටතේ රාජකාරි නියුතු 00 x 24 කගේ සහභාගිත්වයෙන් ඉතා සාර්ථකව පවත්වන ලද අතර මෙම පාඨමාලාවේ පලවන, දෙවන හා තුන්වන ස්ථාන පහත සඳහන් පරිදි ලබා ගත් අතර, එහි අවසන් දේශණය සඳහා මෙම මුල ප්‍රමානි 1 (සම්බන්ධීකරණ) ලුතිතන් කර්නල් බී ඒ එස් එස් ඩී බුලත්ගම ගැහේබ යන ජ්‍යේෂඨ නිලධාරිගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදී. තවද පාඨමාලා සිසුන් විසින් පාඨමාලාවේ උපදේශක වශයෙන් කටයුතු කල මෙම මුල ඉංග්‍රිසි භාෂා පරිවර්ථක ලුතිතන් එල් ඒ එස් ඩි ලියනආරචිචී යන නිලධාරිණිය හට සමරු තිලිණයක් පිළිගන්වන ලදි.

පළමු වන ස්ථානය - සෙ/680618 සාසෙ විජේසුන්දර ජේපිඒපි - 7 ශ්‍රිලයුපොහේබ

දෙවන ස්ථානය - සෙ/3ඊ02849 ලා/කෝ මෙත්රුවන් කේඑම්- 3 (සෙව්) ශ්‍රිලංසිරෙ

තුන්වන ස්ථානය- සෙ/6ආර්000309 ලා/කෝ ගුණදාස ඩබ්එම්යුඊ- 6 (සෙව්) ශ්‍රිලයුකාබ