Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

11th March 2018 09:08:06 Hours

මහනුවර දිස්ත්‍රික්කයේ තුල පැවති අර්බුදකාරි තත්වය පාලනය කිරිම සඳහා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීම

පසු ගිය දිනයන්හිදි මහනුවර දිස්ත්‍රික්කය තුල පැවති අර්බුදකාරි තත්වය පාලනය කිරිම හා සමතයකට පත්කිරිමේ විශේෂ සාකච්ඡාවක් යුද්ධ හමුදාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා සමුහ මෙහෙයුම් ආඥාපති වන මෙම ආරක්ෂක සේනා මුලස්ථාන (මධ්‍යම)ආඥාපති මේජර් ‍ජෙනරාල් ජි ආර් එච් ඩයස් යුඑස්පි එන්ඩියු පිඑස්සි අයිජි හා සමුහ මෙහෙයුම් නියෝජ්‍ය ආඥාපති මේජර් ජෙනරාල් ඒ ඩබ්ලිව් එම් ඒ ඩබ්ලිව් එන් රණවන ආර්ඩබ්ල්විපි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි යන ජ්‍යේෂ්ඨ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් මහනුවර දි 2018 මාර්තු මස 08 වන දින පවත්වන ලදි.

මෙම විශේෂ සාකච්ඡාව සඳහා ප්‍රදේශයේ ආගමික නායකයින් හා අනෙකුත් සිවිල් නායකයින් සහභාගි වු අතර මෙහිදි ජාතික ආරක්ෂාවට සහ සංහිදියාවට හානියක් නොවන අයුරින් කටයුතු කරනනේ කෙසේද යන්න හා දැනට පවතින අර්බුදකාරි තත්වය යථාතත්වයට පත්කර ගැනිමට මෙන්ම සිවිල් ජනතාවගේ එදිනෙදා වැඩකටයුතු සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමට ගතයුතු සුදුසු ක්‍රියාමාර්ගයන් මොනවාද යන්න පිළිබඳව සාකච්ඡා කරන ලදි.