Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

03rd March 2018 13:32:23 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් විසින් හදිසි ගින්නක් මැඩපවත්වයි

අරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 12 වන සේනා මූලස්ථාන බල ප්‍රදේශයෙහි හදිසි ගිනිගැනීමක් 2018.03.01 වන දින ඇතිවු අතර, එම ගිනිගැනීම යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් මැඩපැවැත්වීම සිදුකරන ලදි.

මෙම හදිසි ගිනිගැනීම මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රාදේශිය ලේකමි කොට්ඨාශයේ කුරුමිණියාන්හෙලයාය ප්‍ර‍දේශයේ ඇති වූ අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ ක්ෂණිකව ක්‍රියාත්මකවූ 9 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව හා 5 වන ගැමුණු හේවා බළඇණියේ රාජකාරි නියුතු 03 x 70 ක භඨපිරිස් එම ස්ථානයන් වෙත රපෝර්තු කර ගිනිගැනීම් සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.