Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

14th October 2022 09:00:40 Hours

“යුධ සාහිත්‍ය’’ පිළිබඳව දේශණයක් පැවැත්වීම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 පාබල සේනාංක මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් යුතුව “යුධ සාහිත්‍ය’’ පිළිබඳව දේශණයක් මහනුවර විශාඛා බාලිකා විද්‍යාලයේ දේශණ ශාලාවේදී 2022.10.14 වන දින 0900 පැයේ සිට 1230 පැය දක්වා පවත්වන ලදි.

තවද, “යුධ සාහිත්‍ය’’ පිළිබඳව වු හරවත් දේශණය රණවිරුවා සඟරාවේ සංස්කාරක වශයන් රාජකාරි ඉටුකරනු ලබන ලුතිතන් කර්නල් ඊ ඒ ඒ සුජිත් චාමින්ද යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විසින් පවත්වන ලදි.

11 පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පී එස් කේ සංජීව ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර්ණ අධීක්‍ෂණයෙන් හා මූලිකත්වයන් එම දේශණය සඳහා 11 පාබල සේනාංක මූලස්ථානය හා ඒ යටතේ පාලනය වන පාබල බසේමු, ඒකක හා පුහුණු පාසල් හී රාජකාරී කරනු ලබන නිලධාරීන් 26 දෙනෙකු හා සෙසු නිලයින් 286 දෙනෙකු සහභාගි වන ලදි.