05th June 2025 19:10:01 Hours
ජගත් පරිසර දිනයට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථානය(මධ්‍යම) බල ප්‍රදේශයේ ප්‍රගුණ හා සැඟවුණ වෙඩික්කරු පුහුණු පාසල් පරිශ්‍රය තුල හලංගොඩ වැව් ඉවුර දෙපස “දලුලන්න ඉඩදෙන්න” යන තේමා පාඨය පෙරදැරිව රුක් රෝපණ වැඩසටහනක් ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමන්ගේ පූර්ණ මඟපෙන්වීම සහ උපදෙස් මත ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) දායකත්වයෙන්, ශ්‍රී ලංකා හදබිම අධිකාරිය සහ හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් යුතුව දියතලාව ප්‍රගුණ හා සැඟවුණ වෙඩික්කරු පුහුණු පාසල් කඳවුර ආශ්‍රීත දිය රක්‍ෂිතයේ පළතුරු පැල 300 ක ප්‍රමාණයක් 2025.06.05 වන දින රෝපණය කිරීමට කටයුතු කරන ලදී. එම අවස්ථාවට ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බණ්ඩාරනායක යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඇතුලු යුධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහ හපුතලේ ප්‍රාදේශීය ලේකම් තුමිය, හදබිම අධිකාරියේ විධායක අධ්‍යක්‍ෂ ඇතුලු ආරාධිතයින් සහ ගොවි සංවිධාන සාමාජිකයින් මෙම මහඟු පරිසර හිතකාමී වැඩසටහන සඳහා සම්බන්ධ වී සාර්ථකව ක්‍රියාත්මක කරන ලදි.