Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

20th June 2019 17:42:51 Hours

“තුරුලිය වෙනුවෙන් අපි” ව්‍යාපෘතිය සඳහා සිවිල් සංවිධානයන්හී සහය යුධ හමුදාව වෙත ලබා දීම

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් විල්පත්තුව රක්ෂිතය සුරැකීමට ක්‍රියාත්මක කරනු ලබන “තුරුලිය වෙනුවෙන් අපි” ව්‍යාපෘතියට සහය දැක්වීමක් වශයෙන් මහනුවර සහශ්‍ර පාසැල් 2000 (Kandy School Millennium) එකමුතුව විසින් 2019.06.17 වන දින 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටී ජේ නානායක්කාර ආර්ඩබ්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත වන ශාක 1000 ක ප්‍රමාණයක් සහ කොම්පෝස්ට් පොහොර කිලෝ ග්‍රෑම් 10,000 ක ප්‍රමාණයක් පරිත්‍යාග කරන ලදී. තවද, මෙම අවස්ථාව සඳහා එම එකමුතුවේ සාමාජික මහත්ම මහත්මීන් සහ 11 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වන ලදී.