Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

19th October 2020 09:05:29 Hours

“තුරු මිතුරු නව රටක්” යන සංකල්පය යටතේ ගොවි පිරිසක් වෙත බීජ හා කෘෂි උපකරණ බෙදාදීමේ වැඩසටහනක් පැවැත්වීම

අතිගරු ජනාධිපති තුමන්ගේ සංකල්පයක් මත යුද්ධ හමුදාධිපති තුමන්ගේ උපදෙස් අනුව ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති තුමන්ගේ මඟපෙන්වීම යටතේ මෙම මූල බලප්‍රදේශයේ පිහිටා ඇති දුෂ්කර ගම්මාන කිහිපයක ගොවීන් පිරිසක් වෙත 2020.10.18 වන දින “තුරු මිතුරු නව රටක්” යන සංකල්පය යටතේ බීජ හා කෘෂි උපකරණ බෙදාදීමේ වැඩ සටහනක් පවත්වන ලදි.

දිලිඳු ගොවි ජනයාගේ පවතින දුෂ්කරතා අවම කිරීමේ අරමුණින් යුතුව ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බලප්‍රදේශයට අයත් දිස්ත්‍රික්ක හයේ ගොවි ජනයා නියෝජනය වන පරිදි මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ සුරතින් බීජ හා කෘෂි උපකරණ සංකේතාත්මකව පරිත්‍යාග කල අතර මෙම මූලය යටතේ පාලනය වන පාබල බසේමු, පුහුණු පාසල්, ඒකකයන් වෙත ත්‍යාග ප්‍රධානය කරන ලදි. එම අවස්ථාව සඳහා මෙම මුලයේ හා යටතේ පාලනය වන පාබල බසේමු, පුහුණු පාසල්, ඒකකයන් හී ජ්‍යෙෂ්ඨ නිලධාරින්/ නිලධාරින් හා ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම බල ප්‍රදේශයට අයත් දිස්ත්‍රික්ක හය නියෝජනය කරමින් ගොවි මහතුන් පිරිසක්ද සහභාගි විය.