Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

18th February 2023 09:00:00 Hours

හල්දුම්මුල්ල ශ්‍රී සුදර් ශනාරාමයෙහි වාර් ෂිකව පවත්වන්නට යෙදුණු ශිෂ්‍යත්ව හා පරිත්‍යාග පිරිනැමීමේ උත්සවය ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) වෙතින් දායකත්වය ලබාදෙන ලදී

පාසල් ළමුන්ගේ අනාගත අභිවෘධිය උදෙසා හල්දුම්මුල්ල ශ්‍රී සුදර් ශනාරායේ විහාරාධිකාරි කහගොල්ලේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ සංකල්පයකට අනුව ශිෂ්‍යත්ව හා පරිත්‍යාග පිරිනැමීමේ උත්සවය ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) සංවිධානයෙන් යුතුව 2022.02.18 වන දින හල්දුම්මුල්ල ශ්‍රී සුදර් ශනාරාමයේ විහාරස්ථානයේ දී සිදු කරන ලදි.

ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් එම් එම් රත්නායක RWP RSP USP ndu යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර් ණ අධීක්‍ෂණයෙන් යුතුව ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයේ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රදේශ‍යේ දුවා දරුවන් 220 ක් වෙත රු:8,000.00 ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ වලින් සමන්විත ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීම හා විහාරස්ථාන දහම් පාසලේ වාර් ෂිකව පවත්වන්නට යෙදුන විවිධ කුසලතා ඔප්නැංවීමේ තරඟ තුලින් ජයග්‍රාහණ අත්පත්කරගත් දරුවන් වෙත කුසලාන හා සහතික පත් ප්‍රධානය කිරීම සහ ප්‍රදේශයේ ආබාධිත තත්වයට පත් අසරන රෝගීන් පස්දෙනෙකු වෙත රෝද පුටු 05ක් පරිත්‍යාග කරන ලද අතර ඒ සඳහා විදෙස්ගත ශ්‍රීලාංකික පිරිසකගේ සහ විවිධ රැකියා නියතු ඉහල තනතුරු ලාභීන් හා ව්‍යාපාරික අයවළුන් අනුග්‍රාහකත්වය දක්වන ලදි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම බ්‍රිගේඩියර් (පාලන/භකාස) බ්‍රිගේඩියර් එන්ඒඑස්එන් නානුමිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගී වු අතර මෙම මූල සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිතන් කර් නල් ජේ ඩී යූ ටී කුමාර RSP ශ්‍රීලකාහ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඇතුළු සෙසු නිලයින් පිරිසක් සහභාගි වන ලදි.