Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

29th July 2018 19:43:09 Hours

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද නායකත්ව පුහුණු වැඩමුළුව

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද පාසල් ළමුන් හා ළමා සමාජ නායකයින් හට එක් දින නායකත්ව පුහුණු වැඩමුළුවක් 2018.07.27 වන දින 0900 පැයේ සිට 1500 පැය දක්වා එම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදි පවත්වන ලදි.

තත් වැඩසටහන සාර්ථක කර ගැනීම සදහා මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්විම යටතේ මෙම මුලයේ රාජකාරි නියුතු නිලධාරියෙකු හා ජ්‍යෙකොනොනියෙකු ඇතුළු ශාරිරික අභ්‍යාස උපදේශකයින් සිව් දෙනෙකු සහභාගි කරවන ලද අතර, එම නායකත්ව පුහුණු වැඩමුළුව සදහා ග්‍රාමසේවා වසම් 11 ක් නියෝජනය කරමින් සිසුසිසුවියන් 130 කට අධික සංඛ්යා වක් සහභාගි වන ලදි.

එම වැඩමුළුවට සහභාගි වු සිසුසිසුවියන් උදෙසා ස්වේච්ඡා බළසේනා පුහුණු පාසලේ රාජකාරි නියුතු නි/2837 කපිතන් ටී එම් තිලකසිරි ආර්එස්පී ශ්‍රිලංජාආබමු යන නිලධාරි විසින් නායකත්වය සැබැදිව හරවත් දේශණයක් පැවත්වු අතර, ශාරිරික අභ්‍යාස උපදේශකයින් විසින් නායකත්වය, අභියෝග ජය ගැනීම, හදිසි අවශ්‍යතාවයකට මුහුණ දීම හා කණ්ඩායම් හැසිරවීම යන මාතෘකා ඔස්සේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදුකරන ලදි.