Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

31st March 2022 10:36:12 Hours

හරිත ලංකා ජාතික ගෙවතුවගා සංග්‍රාමය 2022 තිරසර ලෙස ස්ථාපනය කිරිම අපේ ගෙවත්තතෙන් පටන් ගනිමු රාජ්‍ය ආයතන පරිශ්‍රවල හා ඉඩමි වල ගෙවතු වගාව සමාරම්භක වැඩසටහන.

රාජ්‍ය ආයතන පරිශ්‍රවල හා ඉඩම්වල ගෙවතු වගා කිරිමේ වැඩසටහනට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යධ) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් 2022.03.29 දිනට යෙදුනු සුභ මොහොතින් කදවුරු පරිශ්‍රය තුල පිහිටි වගා භුමියේ එලවළු පැල රෝපණය කරන ලදි.

මෙම වැඩසටහන සදහා ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යධ) බ්‍රිග්‍රේඩියර් (පාලන/භකාස) බ්‍රිග්‍රේඩියර් එන් ඒ එස් එන් නානුමිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමා ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරි/නිලධාරින් හා සෙසුනිළයින් සභාගිවන ලදි.