Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

23rd November 2023 09:18:57 Hours

හම්බන්තොට‍ දිස්ත්‍රික්කයේ දුෂ්කරතාවයන්ගෙන් පෙලෙන පාසල් දරුවන් සඳහා පාසල් පොත් සහ උපකරණ ලබා දීමේ වැඩසටහනක් සිදුකරන ලදී

12 පාබල සේනාංනක මුලස්ථාන බල ප්‍රදේශයට අයත් හම්බන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ යහන්ගල ව්ද්‍යාලයේ සිසුන් 65 දෙනෙකු සඳහා 2024 වර්ෂයට අවශ්‍ය පාසල් පොත් සහ උපකරණ කට්ටල බෙදාදිමේ වැඩසටහනක් 2023.11.23 වන දින හ/යහංහල පාසලේදි 12 පාබල සේනාංනක මුලස්ථානයේ සේනාංකාධිපති තුමන්ගේ පරිත්‍යාගයෙන් සිදුකරණ ලදී.

මෙම සත් ක්‍රියාවලියට පාදක වු කරුණු වුයේ මෙම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සීඑස් මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව් ආර්ඩබ්ල්ව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ගේ මෙයට වසරකට ඉහතදී මියගිය ආදරණිය පියාණන්ට හා සේනාංකාධිපති ගේ පාසල් මිතුරෙකු වු ඇතුල් කෝට්ටේ පදිංචි රනිල් පෙරේරා මහතා ගේ මියගිය ආදරණිය සොහොයුරා වෙත පිං පැමිණවිමේ උදාරකර චේතනාව පදනම් කරගෙනය.

තවද,මෙම අවස්ථාව සඳහා හම්බන්තොට අතිරේක දිස්ත්‍රික් ලේකම් චන්දන රත්නායක සහ හම්බන්තොට කොට්ඨාශ අධ්‍යපන අධ්‍යකෂිකා ප්‍රාර්ථනා ජයසුරිය මහත්මිය ද එම විද්‍යාලයේ විදුහල්පති ඇතුළු කාර්යය මණ්ඩලය මෙන්ම පාසල් සිසු දරු දැරියන් සහ ඔවුන්ගේ දෙමව්පියන්ද එම වැඩසටහන සඳහා සහභාගි වු අතර උත්සවය අවසානයේ පැමිණසිටී සැමදෙනාම වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් ලබා දි වැඩසටහන නිමාවට පත්කරණ ලදී.