Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

09th January 2025 15:01:29 Hours

හම්බන්තොට කිරින්දගම ප්‍රාථමික විද්‍යාලයෙහි ඉගෙනුම ලබන සිසු දරුවන් වෙත පාසල් පොත් හා පාසල් පාවහන් බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම

ශ්‍රී ලංකා යුද්ධ‍ හමුදාව සහ සිවිල් ජනතාව අතර, සංහිඳියාව වර්ධනය කිරීමේ අරමුණින් යුතුව 12 වන පාබල සේනාංකය යටතේ පාලනය වන 12 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයෙහි තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති හම්බන්තොට කිරින්දගම ප්‍රාථමික විද්‍යාලයෙහි ඉගෙනුම ලබන සිසු දරුවන් වෙනුවෙන් පාසල් පොත් හා පාසල් පාවහන් බෙදාදීමේ උත්සවයක් 2025 ජනවාරි මස 04 වන දින සිදු කරන ලදි

ඒ අනුව 12 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණික ආයතනයෙහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය උපකුලපති මහචාර්ය නිමල් රාජපක්‍ෂ මහතාගේ සහ එම ආයතනයෙහි ප්‍රධාන මුල්‍ය නිලධාරි නිරාජ් මුතුකුඩ මහතා, ශ්‍රීමත් පෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයෙහි හිටපු නියෝජ්‍ය උපකුලපති හා මේ වන විට ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනයෙහි යටිතල පහසුකම් දියුණු කිරීමේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂක විශ්‍රාමික මේජර් ජනරාල් ඒ එල් ඩි එන් ගුණසේකර මහතා, කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වෛද්‍ය දිනුෂි ගුණසේකර මෙනවියගේ සහ 12 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ මුල්‍ය ධන පරිත්‍යාගයෙන් හම්බන්තොට කිරින්දගම ප්‍රාථමික විද්‍යාලයෙහි ඉගෙනුම ලබන සිසු දරුවන් 50 දෙනෙකු සඳහා පොත් හා පාසල් පාවහන් කට්ටල 50 ක් ප්‍රධානය කරන ලදි.