Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

11th July 2022 06:30:40 Hours

හපුතලේ අනතුරට පත් ඉන්ධන බවුසර් රථය ඉවත් කිරීම හා ආරක්‍ෂාව සැපයිමට යුද්ධ හමුදා ශ්‍රමදායකත්වය ලබා දෙන ලදි

ත්‍රිකුණාමලය සිට හපුතලේ දක්වා පැමිණි ඉන්ධන ලීටර් 33000 රැගත් බව්සර් රථයක් මාර්ඟයෙන් ලිස්සා යාම හේතුවෙන් අනතුරට ලක්ව හපුතලේ මුස්ලිම් විද්‍යාලය අසලදී 2022.07.11 දින අලුයම 6.30 ට පමණ පෙරලී ගොස් තිබූ අතර මාර්ගය හා ඒ අවට ඉන්ධන කාන්දුවීම හේතුවෙන් වාහන ධාවනය කිරීමට බාධා එල්ල විය.

ප්‍රදේශවාසීන් විසින් ඉන්ධන එක්රැස් කිරීමට පියවරගෙන තිබූ අතර තත්වය පාලනය කිරීම සඳහා මෙම මූලයේ නිලධාරීන් දෙදෙනෙකු සහ සෙසු නිලයින් දහසය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්ද, 2 (සෙව්) ශ්‍රිලයුවියාඉ ඒකකය වෙතින් හදිසි ආපදා කණ්ඩායමක්ද, එම ස්ථානයට රපොර්තු කරවන ලදි. එම යුද්ධ හමුදා භඨ පිරිස් සහ හපුතලේ ලංකා තෙල් සංස්ථා ගබඩාවේ පිරිසක් සමඟ පැය හතරක කාලයක් තුල ඇතිවි තිබු තත්වය පාලනය කර ඉන්ධන බවුසරය මාර්ගයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලදි.