Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

01st December 2023 09:00:25 Hours

හදිසි ආපදා තත්වයක් හේතුවෙන් ඇතිවීමට තිබු වියසනකාරී තත්වයක් යුද්ධ හමුදා මැදිහත්වීමෙන් වලක්වා ලීම

12 වන සේනාංක බලප්‍රදේශයට අයත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රිදීයගම පිහිටා ඇති සෆාරි උද්‍යානය අක්කර 500 ක ප්‍රමාණයක් ආවරණය වන පරිදි දේශිය හා විදේශිය සතුන් විශාල ප්‍රමාණයක් සිටින සංචාරකයින්ට රිසිසේ නැරඹිය හැකි උද්‍යානයකි.

එම ප්‍රදේශය ආශ්‍රිතව 2023.12.01 වන දින ඇදහැලුනු දාරානිපාත වර්ෂාව හේතුවෙන් උද්‍යානයට ආරක්‍ෂාව සපයන තාප්පයෙන් මිටර් 100 ක පමණ ප්‍රමාණයක් කැඩියන ලදි. එම හේතුවෙන් උද්‍යානයේ සිටි සතුන් අනාරක්‍ෂිත භාවයට පත්වු අතර එම සතුන් උද්‍යානයෙන් බාහිර ප්‍රදේශයට පැනයාමේ තර්ජනයක් එල්ලවී ඇත. එය එසේ වුයේ නම් එම සතුන්ට මෙන්ම අවට ප්‍රදේශවාසීන්ටද විශාල තර්ජනයක් වීමට ඉඩ තිබුනි.

මෙම පැනනැගුනු තත්වය හේතුවෙන් ඉතා අසීරු තත්වයට පත්වු වනොද්‍යාන අධක්‍ෂක විසින් කැඩී ගිය තාප්පයට විකල්ප ආරක්‍ෂක වැටක් ඉදිකර ගැනීම සඳහා අවශ්‍ය හමුදා සහය ‍එම සේනාංකයේ සේනාංකාධිපති වෙතින් ඉල්ලා සිටින ලදි. ඇතිවු තත්වයේ දරුණු ස්වාභාවය අවබෝධ කරගත් වහාම සේනාංකාධිපති විසින් යුද්ධ හමුදා සහාය ලබාදීමට ඉදිරිපත් විය. ඒ සඳහා සේනාංකයේ ආරක්‍ෂක සේනා ඉංජිනේරු නිලධාරී මේජර් ඩීඑච්කේවීඑල් චන්දිමාල් යන ජෙයෂ්ඨ නිලධාරී ඇතුළු එම ආරක්‍ෂක සේනාංකය යටතේ පාලනය වන 20 ශ්‍රීලංසිරෙ ඒකකයේ හා ඉංජිනේරු සේවා භඨ පිරිස් 02x35 ප්‍රමාණයක් යොදවන ලදි.

මහත්වු කැපවීමෙන් හා ශ්‍රම දායකත්වයෙන් රාජකාරියෙහි නිරතවු එම සේනාංක භඨ පිරිස් විසින් 2023.12.02 දින රාත්‍රී වන විට උද්‍යාන භාරකාරීත්වය විසින් ලබාදුන් අමුද්‍රව්‍යය උපයෝගී කර ගනිමින් තාවකාලික ආරක්‍ෂක වැටක් ඉතා ශක්තිමත්ව ඉදිකර සිදුවීමට තිබු විනාසනකාරී තත්වය මැඩපවත්වන ලදි. මෙම සම්පුර්ණ ක්‍රියාවලිය මෙම සේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් සීඑස් මුණසිංහ ඩබ්ලිව් ඩබ්ලිව් වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යුඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී ගේ පුර්ණ අධීක්‍ෂණය හා උපදෙස් මත සේනාංකයේ ආරක්‍ෂක සේනා ඉංජිනේරු නිලධාරී විසින් ක්‍රියාවට නන්වන ලදි.

යුද්ධ හමුදාව වෙතින් ලබාදුන් සහය වෙනුවෙන් හා භඨ පිරිස් වෙතින් ප්‍රදර්ශණය කරන්නට යෙදුනු කාර්ය නිපුනතාවය වනෝද්‍යාන අධ්‍යක්‍ෂක ඇතුළු සියළුම කාර්ය මණ්ඩලයේ පැසසුමට ලක්වු අතර, ඉතා කඩිනමින් ක්‍රියාත්මකවී යුද්ධ හමුදාව දැක්වු සහය වෙනුවෙන් යුද්ධ හමුදාධිපති වෙත හා 12 වන සේනාංකයේ සේනාංකාධිපති වෙත ඔවුන්ගේ පෞද්ගලික කෘතවේදීත්වය හා ස්තූතිය පුදකරන ලදි.