Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

19th May 2021 11:55:07 Hours

හදිසි අවස්ථාවක රෝගීන් 500 කට ප්‍රතිකාර සිදුකිරීම සඳහා නුවරඑළියේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සුදානම්

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් රෝගීන් ඉහළයාමක් සිදුවුහොත් ඔවුන්ට ප්‍රතිකාර සිදුකිරීම සඳහා නුවරඑළිය නගර ශාලා ගොඩනැගිල්ල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස වැඩිදියුණු කිරීමට 112 වන පාබල බලසේනාවේ සහ 3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් පියවර ගන්නා ලදී.

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එන් ආර් ලමාහේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සම්බන්ධීකරණයෙන් වෛරසය ආසාදිත රෝගීන් 500 දෙනෙකුට නවාතැන් පහසුකම් සැපයීමේ අරමුණින් නුවරඑළිය නගරාධිපති සහ සෞඛ්‍ය බලධාරීන්ගේ සහයෝගය ඇතිව දින 07ක අඩු කාලසීමාවකදී භටපිරිස් විසින් නගර ශාලා ගොඩනැගිල්ල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස වැඩිදියුණු කරන ලදී.

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ රාජකාරි නියුතු යුද්ධ හමුදා භටපිරිස් සහ සෞඛ්‍ය බලධාරීන් එක්ව මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට අවශ්‍ය ඇඳන්, මෙට්ට, කොට්ට ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදී ඇත. යුද්ධ හමුදාධිපති තුමන්ගේ උපදෙස් මත 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 112 වන පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වැඩිදියුණු කිරීමේ කටයුතු සිදුකරන ලදී.