Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

29th May 2021 09:39:26 Hours

හදිසි අවස්ථාවක රෝගීන් 275 කට ප්‍රථිකාර සිදුකිරීම සඳහා නුවරඑළිය කොටගල තොන්ඩමන් සංස්කෘතික මධ්‍යස්ථානය අතරමැදි ප්‍රථිකාර මධ්‍යස්ථානයක් ලෙස සුදානම් කිරිම

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් රෝගීන් ඉහළයාමක් සිදුවුහොත් ඔවුන්ට ප්‍රථිකාර සිදුකිරීම සඳහා නුවරඑළිය කොටගල තොන්ඩමන් සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිල්ල අතරමැදි ප්‍රථිකාර මධ්‍යස්ථානයක් ලෙස වැඩිදියුණු කිරීමට 3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භඨපිරිස් පියවර ගන්නා ලදී.

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එන් ආර් ලමාහේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සම්බන්ධීකරණයෙන් වෛරසය ආසාදිත රෝගීන් 275 දෙනෙකුට නවාතැන් පහසුකම් සැපයීමේ අරමුණින් සෞඛ්‍ය බලධාරීන්ගේ සහයෝගය ඇතිව දින 05ක අඩු කාලසීමාවකදී භඨපිරිස් විසින් නුවරඑළිය කොටගල තොන්ඩමන් සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිල්ල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස වැඩිදියුණු කරන ලදී.

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ රාජකාරි නියුතු යුද්ධ හමුදා භඨපිරිස් සහ සෞඛ්‍ය බලධාරීන් එක්ව මෙම අතරමැදි ප්‍රථිකාර මධ්‍යස්ථානයට අවශ්‍ය ඇඳන්, මෙට්ට, කොට්ට ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදී ඇත. යුද්ධ හමුදාධිපති තුමන්ගේ උපදෙස් මත 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 112 වන පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වැඩිදියුණු කිරීමේ කටයුතු සිදුකරන ලදී.

මෙම අවස්ථාවට යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ට අමතරව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ජිකේජිඒආර්ටී නන්දන මහතා කොත්මලේ ප්‍රාදේශිය ලේකම් තුමිය වන ඕඑස් පෙරේරා මිය, දිස්ත්‍රික් සෞඛය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය ආර් මණතුංග, ප්‍රාදේශීය වසංගත රෝග වේතඥ - වෛද්‍ය මධුර සෙනෙවිරත්න යන අයවලුන්ද සහභාගී වුහ.