Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

19th March 2023 09:00:00 Hours

හදිසි අපදා තත්වය හේතුවෙන් යුද්ධ හමුදා භටපිරිස් සහයෝගය ලබාදීම

ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම බලප්‍රදේශයේ බදුල්ල දිස්ත්‍රික්කයේ කරඹගල ග්‍රාමනිලධාරී වසමේ පූනගල වතුයායේ අධික වර් ෂ තත්වය හේතුවෙන් 2023.03.19 වන දින නායයෑමකට ලක්වූ අතර ඒ හේතුවෙන් නිවාස හැටකට හානි සිදු වු අතර පුද්ගලයින් 220 දෙනෙකු පිඩාවට පත්වන ලදි. ඒ පිළිබදව සැලවීමත් සමඟ ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්ආර් එම්එම් රත්නායක ආර් ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් එම ස්ථාය වෙත රාජකාරි නියතු එක් නිලධාරියෙකු හා භඨපිරිස් 22 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එම ස්ථානය වෙත ගොස් දැඩි පරිශ්‍රමයක් යොදා පීඩාවට පත්වුවන් මුදවා ගැනීමට කටයුතු කරන ලදි.