Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

25th December 2019 18:05:44 Hours

හදිසි අපදා තත්වය හේතුවෙන් යුද්ධ හමුදා භටපිරිස් සහයෝගය ලබාදීම

මෙම ආසේමු මධ්‍යම බළප්‍රදේශය තුල මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් නායයෑම් හා හදිසි අපදා තත්වයන් ලක්වන බැවින් ඒ සඳහා බළප්‍රදේශයේ පාලනය වන සේනාංක මුලස්ථාන හා බලසේනා මුලස්ථාන මෙන්ම ඒකකයන්හි රාජකාරි නියතු නිලධාරින් සහ සෙසුනිලයින් මේ දිනවල පෙර සුදානමින් සිටින ලදි.

2019.12.21 වන දින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් මෙම බළප්‍රදේශයේ පිහිටි ඇල්ල (ණෛණ්E ඇර්‍CH) ආරුක්කු නවය යන ස්ථානයේ දුම්රිය මාර්ගය මතට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් දුම්රිය ගමනා ගමන කටයුතු වලට මහත් අපහසුතා රැසක් සිදු වු අතර, මෙය නැවත පිළිසකර කිරිම සඳහා මෙම මූලයේ රාජකාරි නියතු එකලොස් දෙනෙකුගෙන් සමන්විත භඨපිරිස් කණ්ඩායමක් එම ස්ථානයවෙත ගොස් දැඩි පරිශ්‍රමයක් යොදා එම පස්කඳුවැටිය සම්පූර්ණයෙන්ම ඉවත් කර දුම්රිය ගමනා ගමන පහසුකම් නැවත යතාතත්වයට පත් කරන ලදි.