Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

29th September 2020 20:45:02 Hours

සෞභාග්‍යයේ දැක්ම පිරිත් දුම්රිය වැඩසටහනක් පැවැත්වීම

බුජ්ජෝමුව දුම්රිය ස්ථානය බෝසත් සමාජ සත්කාර සංවර්ධන පදනම මඟින් වාර්ෂිකව පවත්වාගෙන යනු ලබන පිරිත් පිංකම සඳහා ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ තුමන්ගේ උපදෙස් පරිදි මෙම මුලය යටතේ පාලනය වන 12 පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති තුමන් විසින් 2020.09.25 වන දින උදෑසන බෙලිඅත්ත දුම්රිය ස්ථානය වෙත භඨ පිරිසක් සහභාගි කරවා එම පුන්‍යමය කටයුත්ත සඳහා යුද්ධ හමුදා දායකත්වය ලබා දෙන ලදි.