Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

19th February 2018 14:45:43 Hours

සොබාදහම සුරැකිමට යුධ හමුදා සහය

මෙම මූලය යටතේ පාලනය වන 112 බසේමු බළප්‍රදේශයට ආසන්නව ස්ථානගත සමනලවැව බලාගාර ඡල පෝෂක රක්ෂිතයේ රුක්රෝපණ වැඩසටහනක් පැවැත්වීම සදහා යුද්ධ හමුදා දායකත්වය අපේක්ෂා කර ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී (සමිප්‍රේෂණ නිර්මාණ හා පාරිසරික) ඉංඡිනේරැ කේපී කුසුමි ශාන්ත මහතා විසින් යුද්ධ හමුදා දායකත්වය අපේක්ෂා කර යුද්ධ හමුදාධිපති වෙතින් කල ඉල්ලීමකට අනුව 2017.12.07 සහ 08 යන දෙදින තුල යුද්ධ හමුදා සහය ලබාදීම සිදුකරණ ලදී.

ශීර්ෂගත වැඩසටහන සදහා 2017.12.07 වන දින මෙම මූලය වෙතින් 01 x 32 ක භඨපිරිසක් සහභාගී වූ අතර, භඨපිරිස් හා එම කාර්ය මණ්ඩලයේද සහයෝගය ඇතිව රුක්රෝපණය සදහා වූ පසුබිම සකස් කිරිම එදින සිදුකරණ ලදී. .

තවද, 2017.12.08 මෙම රුක්රෝපණ වැඩසටහන අති උත්සවාකාරයෙන් සිදුකල අතර, ආරාධිත අමුත්තන් වශයෙන් ආරාධනා ලැබූ යුද්ධ හමුදාධිපති නියෝඡනය කරමින් මෙම මූල ආඥාපතිගේ උපදෙස් ප්‍රකාරව මෙම මුල කර්නල් (ප්‍රමා)වන කර්නල් සි එස් මුණසිංහ ඩබිඩබිවි ආර්ඩබිපී ආර්එස්පි යුඑස්පි පිඑස්සි අයිඡි යන ජේෂ්ඨ නිලධාරි ඇතලු අනෙකුත් ජේෂ්ඨ නිලධාරීන් මෙන්ම, ලංකා විදුලිබල පාරිසරික නිලධාරී රෝහිත ගුණවර්ධන හා සමනල වැව විදුලි බලාගාර ප්‍රධාන ඉංඡිනේරැ අබේපිටිය යන මහත්වරැන් සහභාගීවන ලදී.

මෙහිදී කිතුල් පැල 200ක්, වෙවැල් පැල 200ක්, මී පැල 500 ක්, එරබදු පැල 100ක්, කලුවර පැල 250ක් සහ විවිධ වර්ගයේ ඹෟෂධ පැල 25ක් පමණ රෝපණය කරන ලදී.

මෙම වැඩසටහන පැවැත්වීම ප්‍රධාන අරමුණ වූයේ ශ්‍රි ලංකාවේ වන ගහන වර්ධන කිරීම තුලින් ඉහල ඡල ධාරා ප්‍රදේශයක් සංරක්ෂණවී ඡෛව විවිධත්වය ආරක්ෂා කිරීම මෙන්ම කාබන් ප්‍රතිශතය නියතව තබා ගැනීම සහ විවිධ මානව ක්‍රියාකාරකමි හේතුවෙන් පරිසරයෙන් වදවීයන ශාක වෙනුවට නව දේශීය ශාක වර්ධනය කිරීම හා අනාගත පරපුරක් සදහා මෙම ජල පෝෂක රක්ෂිතය ආරක්ෂාකර දීමය.