Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

13th July 2024 18:14:33 Hours

සේවා වනිතා සංවත්සර දිනයට සමගාමිව රුක් රෝපණ වැඩසටහානක් සිදු කිරිම

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති තුමියගේ සංකල්පයකට අනුව 2024 ජුලි මස 12 වන දිනට යෙදි ඇති සේවා වනිතා ඒකක 40 වන සංවත්සර දිනයට සමගාමීව 12 වන පාබල සේනාංක මුලස්ථානයේ පැල 280 ක ප්‍රමා‍ණයක් 2024 ජුලි 12 වන දින රෝපණය කරණ ලදි.

මෙම රුක් රෝපණ වැඩසටහන සඳහා 12 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් එස්පිජි ගමගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් සේනාංකයේ සියළුම නිලධාරින් සහ සෙසුනිළයින් විසින් මී පැල - 10 ක්, දිවුල් පැල - 100 ක්, ඇහැල පැල - 70 ක් සහ නෙරළු පැල - 100 ක ප්‍රමාණයක් 12 වන පාබල සේනාංක මුලස්ථාන කඳවුරු භූමියේ රෝපණය කරන ලදි.