08th August 2024 19:08:37 Hours
75වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව 12 වන පාබල සේනාංකය යටතේ පාලනය වන 122 වන පාබල බලසේනාවේ 3 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුඑවේ භට පිරිස් විසින් සෙල්ලකතරගම ප්‍රදේශයේ දිළිඳු පවුලක් සඳහා නව නිවසක් යුද්ධ හමුදා සම්බන්ධීකරණ අනුග්‍රහයෙන් ඉදිකරන ලදී. එය 2024 අගෝස්තු මස 06 දින ප්‍රතිලාභී පවුල වෙත භාරදීමට කටයුතු සිදුකරන ලදි.
ඒ අනුව කොළඹ බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ හිරෝෂ් ජයතිලක මහතාගේ පවුලේ ධන පරිත්‍යාගයන් යුද හමුදා සම්බන්ධීකරණයෙන් ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහ සම්පත් මිලදී ගැනීම සිදු කරන ලදි. 3 ශ්‍රීලංජාආබමූ හී අණදෙන නිලධාරීගේ අධීක්ෂණය මෙම ඒකකයේ භඨ පිරිස් මෙම ව්‍යාපෘතිය ශ්‍රමදායකත්වය ලබා දෙන ලදී.
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් බීකේජීඑම්එල් රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී ජ්‍යෙෂ්ඨ නිලධාරී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර, 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පී කේ ඩබ්ලිව් ඩබ්ලිව් එම් ජේ එස් බී ඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පීඑස්සී, ධානපති හිරෝෂ් ජයතිලක මහතා මෙම අවස්ථාවට සහභාගී අතර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින්, පරිත්‍යාගශීලීන්ගේ පවුලේ සාමාජිකයින් සහ ප්‍රතිලාභී පවුලේ ඥාතීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.