Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

19th January 2022 15:53:01 Hours

ස්වේච්ඡා පුහුණු පාසල දියතලාව වෙතින් හෙළ ගොවි දනත් වෙනුවෙන් නිෂ්පාදනය කළ කාබනික පොහොර ලංකා ලක්පොහොර සමාගම වෙත භාරදෙන ලදී.

අතිගරු ජනාදිපති තුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය යාථාර්තයක් බවට පත්කරමින් ශ්‍රිලංකා යුද්ධ හමුදාධි පති තුමගන්ගේ නායකත්වයෙන් පුරා මාස හයක පමණ කාලයක් ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සම්බන්ධිකරණයෙන් ශ්‍රිලංකා යුද්ධ හමුදා ‍ස්වේච්ඡා බළසේනා පුහුණු පසලේ සේනාවිධායක කර්නල් එච් ඒ කීර්තිනාථ ආර්එස්පි කේඑස්පි පිඑස්සි නිලධාරි තුමන්ගේ මග පෙන්වීම යටතේ ඉතා ඉහල ප්‍රමිතියකින් යුතුව දැයට බත සපයන හෙළ ගොවි දනත් වෙනුවෙන් නිෂ්පාදනය කළ කාබනික පොහොර පළමු අධියරෙහි පළමු තොගය ලංකා පොහොර සාමාගම ලක් පොහොර ආයතනය වෙත 2022.01.18 වන දින ආඥාපති තුමන්ගේ සුරැතින් භාරදෙන ලදි.

මෙම උත්සව අවස්ථාව සඳහා ලංකා පොහොර සමාගම ඌව පලාත් ප්‍රාදේශිය කළමණාකරු සමන්ත ප්‍රියංකර මැතිතුමන් සහ ජ්‍යෙෂ්ඨ නිළධාරින් මෙන්ම සෙසු නිලයින් පිරිසක් සහභාගිවන ලදී.