Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

08th October 2019 08:34:22 Hours

ශාරිරික ඉන්ද්‍රියන් නිරෝගිමත්ව පවත්වා ගැනීම උදෙසා යෝගා වැඩසටහන් මාලාවක් සිදු කිරිම

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් එල් එච් එස් සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පි වීඑස්වි යුඑස්පි එන්ඩිසි නිලධාරි තුමන්ගේ සංකල්පයකට ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ජි ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වී යුඑස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්වීම මත දින දහයක කාලසීමාවක් ආවරණය කරමින් යෝගා වැඩසටහන් මාලාවක් මෙම ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයට අයත් ටෝච් සිනමා ශාලා‍වෙ පවත්වන ලදී.

ඒ සඳහා ප්‍රධාන උපදේශිකා වශයෙන් ප්‍රවීණ රංගන ශිල්පිණි අනොජා වීරසිංහ යන මැතිණිය ඇතුළු උපදේශක උපදේශිකාවන් කිහිපදෙනෙකු සහභාගි වු අතර, යුද්ධ හමුදා සෙබළ සෙබළියන් හට ශාරිරික හෝ අභ්‍යන්තර ඉන්ද්‍රියන් නිරෝගිමත්ව පවත්වා ගැනිම හා යහපත් සමාජයක් බිහිකිරිම උදෙසා අදහස් කර ගැනිම මෙහි ප්‍රධාන අරමුණ වු හෙයින් තත් වැඩ සටහන් මාළාව සඳහා මෙම ආසේමු හා යටතේ පාලනය වන ඒකක හා පුපාහි රාජකාරි නියතු නිලධාරීන් හය දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සෙබලුන් 68 දෙනෙකු සහභාගී වූහ.