Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

28th September 2023 09:00:00 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 74 වන සංවත්සර සැමරුමට සමඟාමීව ශ්‍රී දළදා මාලිගාවේදී ආශීර්වාද එක් කරන ලදි

ඔක්තෝබර් මස 10 දිනට යෙදී ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 74 වන සංවත්සරයට සමගාමීව පැවැත්වූ ආගමික සැමරුම් මාලාවේ දෙවැන්න මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් එච් එල් වී එම් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ ප්‍රධානත්වයෙන් 2023.09.28 වන දින පවත්වන ලදි.

සංකේතාත්මකව යුද්ධ හමුදා ධජය ආශිර්වාද එක් කිරීම සඳහා පෙරහැරේ ඉදිරියෙන් රැගෙන යනු ලැබීය. ආගමික වතාවත් මධ්‍යයේ සෙත් පිරිත් සජ්ඣායනා කර රට ආරක්‍ෂා කිරීම උදෙසා කැපවු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉදිරි ගමනට ආශිර්වාද එක් කරමින් තේවාව භාර ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය විසින් ධජයන්ට සෙත් පැතූහ. යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ශ්‍රී දළඳා මාලිගාවේ පහළ මහලේ පිහිටි බුද්ධ මන්දිරයට ගිලන්පස සහ බුද්ධ පූජාව පූජා කිරීමෙන් අනතුරුව දානය පූජා කිරීම සඳහා භික්‍ෂූන් වහන්සේලා පෙරහැරකින් වඩම්මනු ලැබූහ. මෙම ආගමික උත්සවයේ සියලු කටයුතු යුද්ධ හමුදා විධායක ජෙනරාල් ශාඛාව, ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම), පල්ලෙකැලේ පිහිටි 11 වන පාබල සේනාංකය සහ පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධීක්‍ෂණය යටතේ සංවිධානය කරනු ලැබූ අතර මෙම මූල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යුඑස්පී වීඑස්වී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ද එම අවස්ථාව සඳහා සහභාගී වන ලදි.