Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

21st September 2023 09:30:00 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි තුමන්ගේ පාලන පරීක්‍ෂණය සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි තුමන් සහභාගී වන ලදී

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි තුමන්ගේ උපදෙස් පරිදි පවත්වනු ලබන පාලන පරීක්‍ෂණය මෙම මූලයේදී පවත් වන ලද අතර එහි අවසන් පරීක්‍ෂණය 2023.09.21 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි තුමන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි.

තවද, මෙම මූලය වෙත පැමිණී ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඒ එස් එස් වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ව ආරක්‍ෂක සේනා (මධ්‍යම) ‍ ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යුඑස්පී වීඑස්වී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් උණූසුම් අයුරින් පිළිගැනීමෙන් පසු පැවති සාකච්ඡාවේදී අවසන් පරීක්‍ෂණ වාර්ථාව ඉදිරිපත් කල අතර එහිදී අසේමු (මධ්‍යම) හා ඒ යටතේ පාලනය වන පාබල සේමු හා පාබල බසේමු හී පවතින ගැටළු නිරාකරණය කර ගන්නා ආකාරය පිළිබඳව සාකචඡා කරන ලදි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි තුමන් හා ආරක්‍ෂක සේනා (මධ්‍යම) ‍ ආඥාපති තුමන් සමරු තිළිණ හුවමාරු කිරීමෙන් අනතුරුව පැමීණ සිටි සියළු නිලධාරීන් දිවා භෝජන සංග්‍රහයක් සඳහා එක් වු අතර ඉන් පසුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි තුමන් විශේෂ අමුත්තන් සටහන් තැබීමේ පොතෙහි සටහනක් තබන ලදි.

ඒ අනුව එම අවස්ථාවන්හිදී ලබා ගන්නා ලද ඡායාරූප යුද්ධ හමුදා වෙබ් අඩවියේ, මුහුණු පොතේ සහ රණවිරුවා සඟරාවේ පලකර දීමට අවැසි ඉදිරි කටයුතු සිදු කර ‍දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.