Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

17th May 2022 08:00:49 Hours

ශ්‍රී පාද වන්දනා සමාප්තිය සනිටුහන් කරමින් යුද්ධ හමුදා ශ්‍රම දායකත්වයෙන් ශ්‍රී පාදස්ථානයේ උඩමළුවේ සිට ධාතු කරඬුව, සමන් දේව ප්‍රථිමාව හා දේව ආභරණ නල්ලතන්නිය වෙත වැඩම කරවීම

ශ්‍රී පාදස්ථාන වන්ඳනා සමයේ සමාප්තිය සනිටුහන් කරමින් ශ්‍රී පාදස්ථාන මලුවේ සිට ධාතු කරඬුව, සමන් දේව ප්‍රථිමාව, දේව ආභරණ හා පූජා භාණ්ඩ යුද්ධ හමුදා ශ්‍රමදායකත්වයෙන් 2022.05.17 වන දින නල්ලතන්නිය වෙත වැඩමවන ලදී.

මෙම උතුම් වු පුණ්යු කටයුත්ත සඳහා 19 වන ජාතික ආරක්ෂක බලමුළුවේ නිලධාරි තිදෙනෙක් හා සෙබළු සියදෙනෙකු ශ්‍රමදායකත්වය දැක්වු අතර, එම අවස්ථාව සඳහා ආරක්ෂක සේනා මුලස්ථානට (මධ්යසම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්යේෂ්ඨ නිලධාරී තුමන් ඇතුළුව 112 බලසේනාධිපති සහ ජ්යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින්ගේ සහභාගිත්වයෙන් මෙම උතුම් වු පුණ්යමය කටයුත්ත සාර්ථක ලෙස නිම කරන ලදී.