Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

27th November 2023 15:46:12 Hours

ශ්‍රිලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සංස්කරණ පාඨමාලාව ආසේමු (මධ්‍යම)

ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩි කේ බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වී යුඑස්පී එන්ඩියු පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයකට අනුව මෙම මූලයේ හා මෙම මූලය යටතේ පාලනය වන පාබල සේමු හී කාන්තා සෙබළියන් සඳහා දින 14ක සංස්කරණ පුහුණූ පාඨමාලාවක් 2023.11.13 වන දින සිට 2023.11.25 වන දින දක්වා බලඇණි පුහුණූ පාසල දියතලාව වෙතින් පවත්වන ලදි. මෙ සදහා ආසේමු (මධයම) කාන්තා අනු ඛණ්ඩයෙහි 02x39 ද, 12 පාබල සේමු වෙතින් කාන්තා සෙබලියන් 04 දෙනෙකු ද, 11 පාබල සේමු වෙතින් කාන්තා සෙබලියන් 05 දෙනෙකුද සහභාගි වෙන ලදි. මෙම පාඨමාලාව සර්ථක කරගැනිම සදහා බළඇණි පුහුණු පාසලයෙහි උපදේශකයින් 19 දෙනෙකු සහභාගි වන ලදි.

තවද මුලික යුධ හමුදා පුහුණුවීම් තුලින් අනාගත යුධ හමුදා අවශ්‍යතාව සදහා කාන්තා අනු ඛණ්ඩයක් පවත්වාගෙන යාම මෙහි මුලික අරමුණ විය. යුධ හමුදා පිළිවෙත් රෙගුලාසි, අභ්‍යන්තර ආරක්ෂක රාජකාරි, සමාජ මාධ්‍ය භාවිතය, නායකත්වය හා ආකල්ප සංවර්ධනය, පුද්ගලික සනිපාරක්ෂාව සහ ප්‍රථමාධාර, අවි පුහුණුව සහ ජීව වෙඩිතැබිම් පුහුණුවීම යනාදිය මෙහි විෂය නිර්දේශය වේ.

එහි ආරම්භක දේශණය සඳහා ආරක්‍ෂක සේනා (මධ්‍යම) කර්නල් ප්‍රධාන මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිලධාරී කර්නල් ඩබ්ලිව් ඒ ජේ හේමචන්ද්‍ර ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් සහභාගී වන ලද අතර, 2023.11.25 වන දින අවසන් දේශනය සදහා බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් එඑම්ඒ අබේසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විසින් සිදු කරන ලද අතර, එම අවස්ථාව සඳහා මෙම මූල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/ නිලධාරීන් හා නිලධාරීනියන් සහභාගී වන ලදි.