19th February 2023 19:00:00 Hours
ශ්‍රිපාද වන්දනාවේ ගොස් යලි පැමිණෙමින් සිටි වන්දනා කරුවන් රුගත් බස් රථයක් නොටන් බ්‍රිජ් ප්‍රදේශයේ ටැප්ලෝ ප්‍රදේශයෙදී ප්‍රපාතයකට පෙරලීමෙන් අනතුරක් සිදුවන ලදි. බස් රථය අඩි සියයක් පමණ ප්‍රපාතයට පෙරලී ගොස් ඇත.
අනතුරට පත් බස් රථයේ සිටි වන්දනා කරුවන් ගලවා ගැනීම හා තුවාල ලැබූ අයවලුන් ප්‍රථිකාර සදහා යොමු කිරීම සඳහා එම අවස්ථාවේදීම මෙම මූල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් එම් එම් රත්නායක RWP RSP USP ndu යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර්ණ අධීක්ෂණයෙන් යුතුව එම ස්ථානය වෙත 19 ශ්‍රිලංජාආබමු එකකයෙහි භට පිරිස් යොදවා අනතුරට පත් වන්දනා කරුවන් ගලවා ගෙන තුවාල ලැබූ අයවලුන් ප්‍රථිකාර සදහා වටවල සහ ගිනිගත්හේන රෝහල් වෙත කඩිනමින් යොමු කරන ලදි.