Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

06th February 2019 20:37:55 Hours

ශ්‍රමදාන වැඩසටහනක් සඳහා භඨපිරිස් සහභාගි කරවීම

නිදහස් දිනයට සමගාමීව සංවිදානය කරන වැඩසටහනක් වශයෙන් දියතලාව නගර මධ්‍යයේ පිහිටි වර්ෂ 101 පමණ පැරණි ඉතිහාසයක් ඇති ගැරිසන් දේවස්ථානය අවට ශ්‍රමදාන කටයුත්තක් 2019.02.04 වන දින 0800 පැයේ සිට 1200 පැය දක්වා මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්විම යටතේ සිදුකරන ලදි.

ඒ සදහා මෙම මුල රාජකාරි නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා නිලධාරින්/සෙසුනිලයින් 05x25 දෙනෙකු සහභාගි වු අතර, අදාල ශ්‍රමදාන කටයුත්ත අවසානයේදි එම දේවස්ථානයේ ප්‍රධාන දේවගැති තුමා විසින් සමස්ථ යුද්ධ හමුදාවට මෙන්ම පැමිණ සිටි යුද්ධ හමුදා සාමාජිකයින් හට හදවතින් කරන්නා වු සේවය ඇගයිමට ලක්කරමින් ආශිර්වාද පුර්වක ස්තුතිය පුද කරන ලදි.