Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

23rd May 2024 08:00:00 Hours

වෙසක් පුර පසලොස්වක පොහොය දිනය වෙනුවෙන් අසේමු (මධ්‍යම) මූලිකත්වයෙන් වෙසක් කලාපයක් හා කඩල දන්සලක් පවත්වන ලදි

වෙසක් පුර පසලොස්වක පොහොය දිනය නිමිත්තෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති තුමන්ගේ උදාරතර සංකල්පයකට අනුව නිලධාරින්ගේ හා සෙසු නිලයන්ගේ සහභාගිත්වයෙන් වෙසක් කලාපයක් පවත්වන ලදි.

වෙසක් පොහෝ දින සියළු නිලයින්ගේ සහභාගිත්වයෙන් සන්ධ්‍යා කාලයේදී ප්‍රදේශයේ බැතිමතුන්ගේ විඩාව දුරු කරලීම සදහා කඩල දන්සලක් සහ අසේමු (මධ්‍යම), ඉනපෙ (මධ්‍යම), යුහමුරෝ (දිය), 7 ශ්‍රිලංසංබ, 1 ගැහේබ, 7 ශ්‍රිලයුපොහේබ, 8 ශ්‍රිලයුසේබ හා 17 ඉසේරෙ යන ඒකකයන් විසින් නිර්මාණය කරන ලද දර්ශනීය පහන් කූඩු ප්‍රදර්ශණය කරන ලදි.

මෙම කටයුත්ත සඳහා ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බ්‍රිගේඩියර් (පාලන/භකාස) තුමන් ඇතුළුව ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලයින්ගේ සහභාගිත්වයෙන් මෙම උතුම් වු පුණ්‍යමය කටයුත්ත සාර්ථක ලෙස සිදු කරන ලද අතර, ඒ සඳහා විශාල ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගිවන ලදි.