Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

05th April 2018 11:56:39 Hours

විරුකැකුළු දරුවන් ඔවුනගේ හැකියාවන් ප්‍රදර්ශනය කරයි

ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 සේනංකය යටතේ ස්ථාපිත පල්ලේකැලේ විරුකැකුළු පෙරපාසලෙහි ඉගෙනුම ලබන දරුදැරියන්ගේ ක්‍රිඩා කෞශල්‍යන් ඉදිරිපත් කිරීම සඳහා වාර්ෂිකව පවත්වනු ලබන ක්‍රිඩා උත්සවය මෙවරත් 2018.04.02 වන දින යුද්ධ හාමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය වන චන්ද්‍රි සේනානායක මැතිණියගේ ප්‍රධානත්වයෙන් එම පෙරපාසල් භුමියේදි පවත්වන ලදි.

මෙම උත්සවය සඳහා 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ ඩබ්ලිව් එම් ඒ ඩබ්ලිව් එන් රණවන ආර්ඩබ්ල්විපි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි යන ජ්‍යේෂ්ඨ නිලධාරි හා ශ්‍රි ලංකා යුද්ධ හමුදා සේවාවනිතා ශාඛාවේ ජ්‍යේෂ්ඨ සාමාජිකාවන් කිහිපදෙනෙකු සමඟ 11 වන සේනාංකයේ රාජකාරි නියුතු නිලධාරින් සහ ඔවුන්ගේ බිරින්දෑවරුන් ද ඊට සහභාගි විය. මෙහිදි එම පෙරපාසලේ ඉගනුම ලබන දරුදැරියන් විසින් විවිධ වු ක්‍රිඩා ඉසව් ඔස්සේ තම හැකියාවන් විදහා දක්වන ලදි.