Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

13th September 2023 06:28:13 Hours

වාර් ෂික පවත්වනු ලබන ආරක්‍ෂක සේනා මුලස්ථාන (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් සේමු ,බසේමු එක්ව පැවති වාර් ෂික අත්පන්දු තරගාවලිය 12 වන පාබල සේනාංක බලප්‍රදේශයේ පවත් වන ලදී

ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියංගොඩ RWP RSP VSV USP ndu psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් සහ අනුග්‍රාහකත්වයෙන් 2023.09.07 දින තුල 12 වන පාබල සේනාංක මූලස්ථාන ක්‍රිඩා භුමියේදි සෙසු නිලයින් සහ නිළධාරින්ගෙන් සමන්විත අත්පන්දු ක්‍රිඩා කණ්ඩායම් වන ආසේමු(මධ්‍යම), ආසේමු (මධ්‍යම) ඉනපෙ,12 පාබල සේනාංකය,11 පාබල සේනංකය යන කණ්ඩායම් වල සහභාගිත්වයෙන් තරගාවලිය පවත් වන ලදි.

මෙම අවස්ථාව සඳහා අසේමු (මධ්‍යම) ඉදිරි නඩත්තු ප්‍රදේශ සේනාංකාධිපති 12 වන පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සිඑස් මුණසිංහ WWV RWP RSP USP ndc psc IG යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, 121 පාබල බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල් එ ජේ එල් බි උඩෝවිට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, 122 පාබල බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ එම් එන් කුලසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙන්ම, ඒකක අණදෙන නිලධාරීන් හා අනෙකුත් නිලධාරීන් පිරිසක්ද සහභාගිවන ලදි

මෙහි ශූරතාවය 12 පාබල සේනාංක කණ්ඩායමටත් අනු ශූරතාවය ආසේමු(මධ්‍යම) කණ්ඩායමටත් හිමිවුනු අතර මෙහි සියලු ක්‍රිඩකයින් සදහා වටිනා සහතිකපත් සහ පදක්කම්ද ශූරතාවයට හා අනුශූරතාවයට කුසලාන පිරිනමන ලදි