Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

04th April 2019 09:36:35 Hours

වසර 8 කට පසු යුද්ධ හමුදා සමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා මහනුවර මහ රෝහල වෙතින් වාට්ටුවක් ලබාදීම

මහනුවර මහ රෝහලට අනුයුක්තව යුධ හමුදා සමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා ලබා දී තිබු යුධ හමුදා වාට්ටුව මිට වසර 8 කට පෙර සිවිල් රෝගින්ගේ ප්‍රයෝජනය සඳහා පවරා ගැනීමෙන් පසු යුධ හමුදා සාමාජිකයින් හට වෙන් කර තිබු ඉඩකඩ සීමිත වීම හේතුවෙන් නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීමට පැමිනෙන යුධ හමුදා සමාජිකයින් හට සිදුවන අපහසුතාවන් මගහැරවීම සඳහා 11 සේමු සේනාංකාධිපති මේජර් ජෙනරල් ටි ජේ නානායක්කාර ආර්ඩබ්පි යුඑස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මැදිහත්වීමෙන් මහනුවර මහ රෝහලේ වෛද්‍ය අධ්‍යක්‍ෂක සමන් රත්නායක මහතා සමඟ සිදු කල සාකච්චාවකින් පසුව පෙර වෙන් කර තිබු යුද්ධ හමුදා වාට්ටුව නැවත 2019.03.28 වන දින සිට යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා ලබාදෙන ලදි.

එබැවින් මහනුවර මහ රෝහලේ මෙම සත්කාරය අගයනු වස් 11 සේමු සේනාංකාධිපති තුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් 2019.04.01 වන දින මහනුවර මහ රෝහල වෙත සංචාරය කර එහි කාර්‍යය මණ්ඩලය හමුවීමෙන් අනතුරුව එම කාර්‍යය මණ්ඩලය විසින් යුද්ධ හමුදාධිපති තුමා ඇතුළු සමස්ථ යුද්ධ හමුදාවේ කෘතඥතාවය පලකරන ලදි.