Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

02nd October 2021 11:14:37 Hours

ලෝක ළමා දීනය වෙනුවෙන් “සිරි සඟබෝ” ළමා නිවාසයේ දරුවන් හට දිවා ආහාරය ලබා දීම

ආරක්‍ෂක සේනා මුලස්ථාන (මධ්‍යම) ආඥාපති, ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් විකුම් ලියනගේ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයකට අනුව 2021.10.01 දිනට යෙදී ඇති ලෝක ළමා දිනය වෙනුවෙන් බණ්ඩාරවෙල අඹේගොඩ “සිරි සඟබෝ ළමා නිවාසයේ” දරුවන් සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථාන ප්‍රධාන සිවිල් සම්බන්ධීකරන කාර්යාලයේ සම්බන්ධීකරණයෙන්, බණ්ඩාරවෙල pizza Hut ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් pizza ආහාර සහ මෙම මුල සිවිල් සම්බන්ධීකරණ කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් එළවළු, විශබීජහරණ ද්‍රව්‍ය හා මුඛ ආවරණ බෙදාදීමේ වැඩසටහනක් ආඥාපති ආසේමු (මධ්‍යම) ප්‍රධානත්වයෙන්,ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහ සෙසුනිලයින්ගේ සහභාගීත්වයෙන් එම ළමා නිවාසයේදී සිදුකරන ලදී.