Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

30th September 2022 09:00:40 Hours

ලෝක ළමා දිනය වෙනුවෙන් අසේමු (මධ්‍යම ) වෙතින් වැඩසටහන් මාලාවක් පවත්වන ලදි

හමුදා මුලස්ථානයේ උපදෙස් පරිදී 2022.11.01 දිනට යෙදෙන ලෝක ලමා දිනයට සමගාමීව යුද්ධ ආරක්‍ෂක සේනා මුලස්ථාන (මධ්‍යම) ආඥාපති තුමන්ගේ අධීක්‍ෂණය යටතේ 2022.09.30 වන දින වැඩ සටහන් මලාවක් පවත්වන ලදි.

2022.09.30 වන දින උදෑසන 0900 පැයේ සිට 1100 පැය දක්වා මෙම මූල බල ප්‍රදේශයේ පිහිටා ඇති විරුකැකුළු පෙරපාසලේ දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදීමේ වැඩ සටහනක් පැවැත්වු අතර එහිදී පෙරපාසලේ දරුවන්ගේ කුසලතා වර්ධනය කිරී‍ම සඳහා නැටුම් ගැයුම් වලින් සමන්විත විශේෂාංග ඉදිරිපත් කරන ලදි.

තවද, සන්ධ්‍යාකාලයෙදී බණ්ඩාරවෙල අඹේගොඩ “සිරි සඟබෝ ළමා නිවාසයේ” දරුවන් 18 දෙනෙකු සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථාන ප්‍රධාන සිවිල් සම්බන්ධීකරන කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් යුතුව බණ්ඩාරවෙල ගයාන් ටෙක්ස්ටයිල් ආයතනයේ අනුග්‍රහයෙන් ටී ෂර්ට් පරිත්‍යාග කිරීමෙන් අනතුරුව බණ්ඩාරවෙල pizza Hut ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් pizza ආහාර වේලක් ලබා දීමද එම ළමා නිවාසයේදී සිදුකරන ලදී.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහ එතුමන්ගේ බිරිද වන සරිතා ලංකාතිලක මැතිණියන් මෙන්ම අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගිවන ලදි.