Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

03rd October 2023 09:30:00 Hours

ලෝක ළමා දිනය නිමිත්තෙන් දියතලාව කදුරුගමුව මිහිදු විද්‍යාලයේ දරුවන් හා ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් සත්කාරමය වැඩසටහන් ත්‍රිත්වයක්සිදු කරන ලදි

ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්ඩබ්ලිව්එච්ආර්ආර්වීඑම්එන්ඩිකේබී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වී යුඑස්පී එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර්ණ මග පෙන්වීම හා සම්බන්ධීකරණයෙන් ලෝක ළමා දිනය නිමිතිකොට 2023.10.03 දියතලාව කදුරුගමුව මිහිදු විද්‍යාලයේ දරුවන් හා ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් සත්කාරමය වැඩසටහන් ත්‍රිත්වයක් බණ්ඩාරවෙල සිංහ සමාජයේ පූර්ණ අනුග්‍රාහයෙන් එම විද්‍යාල පරිශ්‍රයේදී හා දියතලාව යුධ හමුදා ගොල්ෆ් සමාජ ශාලාවේදී පවත්වන ලදී.

ඉන් පළමු වැඩසටහන ලෙස විද්‍යාලයේ දුවා දරුවන්ගේ පෞරුෂ සංවර්ධනය හා නායකත්ව ගුණාංග පිළිබඳ හරවත් දේශණයක් ආරක්‍ෂක සේනා මූලස්ථාන කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් ඩබ්ලිව්ඒජේ හේමචන්ද්‍ර ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් පවත්වන ලද අතර, ප්‍රාථමික අංශයේ දුවා දරුවන් වෙත චිත්‍ර ඇඳිම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ලබාදී චිත්‍ර ඇදීමේ වැඩසටහනක් ගොල්ෆ් සමාජ ශාලාව හා පෝලෝ ක්‍රීඩාපිටිය අසලදී පැවැත්වීමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩි කේ බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වී යුඑස්පී එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයේ සියළුම දරුවන් හා ආචාර්ය මණ්ඩලය වෙත දිවා ආහාර වෙලක් ඉතා උසස් අයුරින් ලබාදීමට කටයුතු සිදුකරන ලදී. මෙම වැඩසටහන සඳහ ආරක්‍ෂක සේනා මූලස්ථාන(මධ්‍යම) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා සෙසුනිලයින් මෙන්ම බණ්ඩාරවෙල සිංහ සමාජයේ සාමාජිකයින් පිරිසක් සහභාගි වන ලදි.