Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

09th September 2022 09:00:40 Hours

ලේ දන්දිමේ වැඩසටහනක් පැවැත්වීම

දිවයින තුල ඇති වී තිබෙන රුධිර අවශ්‍යතාවය වෙනු‍වෙන් ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මඟපෙන්වීම යටතේ කොළඹ රාජකීය විදුහලේ රතුකුරුස සංගමය සහ 122 පාබල බසේමු බලසේනාධිපති තුමන් ඇතුළු නිලධාරීන්ගේ සංවිධානයෙන් යුතුව ලේ දන්දීමේ වැඩසටහනක් 2022.09.09 වන දින 0900 පැයේ සිට 1500 පැය දක්වා දිස්ත්‍රික් මහ රෝහල හම්බන්තොට ලේ බැංකු පරිශ්‍රයේදී පැවත්වන ලදි.

එම වැඩසටහන සඳහා 12 වන පාබල සේනාංකයේ ආඥාපති මේජර් ජෙනරාල් ඒ එච් එල් ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදේස් පරිදී 12 පාබල සේනාංක මුලස්ථානයේ හා ඒ යටතේ පාලන වන පාබල බසේමු /ඒකකයන් / පුහුණු පාසල් වෙතින් 100 ක භඨපිරිස් ප්‍රමාණයක් සහභාගි වු අතර, යුද්ධ හමුදාව මගින් ලබා දුන් දායකත්වය හා ලේ බිදක් දන් දි අසරණ රොගියෙකු වෙනුවෙන් කරන්නා වු මේවැනි සත්ක්‍රියා ඇගයිමට ලක් කරමින් එහි පැමිණි සංවිධායක මණ්ඩලයේ නිලධාරින් විසින් ස්තුතිය පිරිනමන ලදි.